Scene 01 INT.
තරු පහේ සැලුන් එකකි. වායු සමීකරණය කර ඇත. ඇපොයිමන්ට් අනිවාර්යයි !
"අහා හලෝ..කාලේකින්,
උඹ මෙහෙද වැඩ ? "
"හායි හායි...
ඔව් බන් දැන් මෙහෙ.
මම දැක්කා උඹේ නම තියෙනවා appointment ලිස්ට් එකේ..."
"අද Program එකක් මචන්,
කොන්ඩේ පොඩ්ඩක් හදාගන්න ආවා.
ටිකක් කලින් ආවා.
සිගැරට් එකක් ගහමු ?"
"එළ කිරි...
යමන් !
එලියට යමු ඔතනින්"
Scene 02 EXT.
සැලූන් එකේ පස්සා පැත්තේ නිදහස් ඉඩකි. නුග ගසක් යට ලී බංකුවකි.
"උඹ අලුත් සින්දුව ඇහුවාද ?"
"ඔව් ආතල්...
උඹේ ඉස්සර සින්දු වල තිබ්බ vibe එක ආයිත් පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවා ඒකේ...
වීඩීයෝ එක සුපිරි...
හැබැයි ඉතින් ඕවා Live ගහපන්,
මාසෙකින් අමතක කරලා දාන්නේ නැතුව."
“හා හා ඔව් බන්...
අවුරුද්දක් විතර ගියා බන් shoot එකට,
බාගෙට නේ කරලා තිබ්බේ.
කර කර ඉන්නකොට Corona ආවා නේ..."
"මේ ඒක නෙමෙයි උඹේ album එකක් කරනවා කිය කිය හිටියා නේ ? මොකෝ වුනේ ඒකට ?"
"ඔව් බන් කරන්න ඕනේ,
වෙලාවක් නෑ බන්.
මම දැන් Judge board එකකත් ඉන්නවා නේ...
තව Branding වැඩ වගයක් යනවා, Advertisement එහෙක Shoot එකක වැඩකුත් කතා කරගෙන යනවා...
මගේ Online shop eke වැඩේත් යනවා. ඒකට නම් දැන් වැඩ කරන්න එකෙක් අරන් තියෙන්නේ බන්, හැබැයි ඉතින් monitor කරන්න ඕනේ.
මේ ඒක නෙමෙයි...
මගේ Perfume brand එක launch කරනවා next week.
වරෙන් හරිද ?"
"සිරාවට ?
මාර වැඩ නේ බන් උඹට දැන් තියෙන්නේ ?
උඹ හිතන්නේ නැද්ද මේ වෙද්දි උඹ කරන්න ඕන උඹේ album එකක් එලියට දාලා ඒකට Show series එකක් කරන එක කියලා...
මම නම් හිතන්නේ උඹට ඇත්තටම ඒක කරන්න තිබ්බේ මීට අවුරුදු දෙකකට විතර කලින් කියලා...
දැන් ඉතින් උඹ මට කියපන්...
;මචන් Industry එකේ ඉන්න ඕනේ නම් මේ වගේ දේවල් කරන්න වෙනවා, ගොන් Youtube program වලට යන්න වෙනවා, සින්දුවක් හදනකොට Tik Tok එකේ විනාඩියට set වෙන්න Chorous කෑලී හදන්න වෙනවා, ලැට් එකට ගියත් Facebook Live එන්න වෙනවා, එක එක එවුන්ට සල්ලී දීලා Profile verify කරගන්න වෙනවා, Profile verify උනාම හෙන ලොකුයි කියලා හිතන්න වෙනවා, Profile එක Verify වුනා කියලා Video එකක් දාන්න වෙනවා, කඩේට ගියත් Nike දාන්න වෙනවා, Music video වලට ගන්නවා කියලා කෙල්ලන්ට බොරු කියන්න වෙනවා, Instagram එකේ Paid promotion කරන්න වෙනවා, Judge board වල ඉන්නකොට තමන්ට හිතෙන දේ කියන්නේ නැතුව ලියලා දීපු එක කියන්න වෙනවා,ඒවා වලට සල්ලි ගන්න වෙනවා, Channel එකේ අයිතිකාරයාගේ ගෙදර party වලට ගිහින් සින්දු කියන්න වෙනවා, දවසෙන් දවස Content දාන්න වෙනවා, ඒවා වලට Views වැටෙනවා, Views වැඩිවෙලා Trending ආවාම Trending ආවා කියලා තව අලුත් banner එකක් දාන්න වෙනවා, Views වලින් හම්බ කරන් කන්න වෙනවා, ඒක පුරුද්දට යනවා. ;
ඕක උඹට විතරක් නෙමෙයි බන් ගොඩක් artist ලාට කාලයක් ගියාම එන එකක්.
ඊට පස්සේ ඌගෙන් වැඩක් නැති වෙනවා.
දැන් උඹ හිතන්න එපා මම මේ උඹත් එක්ක ඉරිසියයි, උඹ Celibrity නිසා මම උඹට ආස නෑ, මම හෙන කුහකයි, උඹ Benz එකක් පදිනවාට මම කැමති නෑ, උඹ Hilton එකෙන් කනවට මම කැමති නෑ, උඹ Kingsburry එකේ rooms දාගෙන බොනවාට මම කැමති නෑ...
ඔය ඔක්කොටම මම කැමති බන් !
මම කැමති නැත්තේ උඹට දැන් අවුරුදු 10ක් තිස්සේ එකම සින්දු හය හැම තැනම කියන්න වෙලා තියෙන එකට, සමාජය උඹේ Successful වීමේ definition එක හදලා ඒක උඹට සුප් හැන්දකින් පොවන එකට...
උඹ දැන් කරන්න ඕන සුප් බොන එක නෙමෙයි බන්...
උඹ දැන් කරන්න ඕන උඹේ album එකක්, Show එකක්...
Orchestra ගහලා, එක එක ජාතීයේ Musician ලා feature කරලා, acts හදලා, පිස්සූ පීකුදු LED light set Back drop ගහලා Latest Audio Video tech එක්ක රට වටේ ගෙනියන්න පුලුවන් Show series එකක්...
ඇඩෙන වැඩක් !
මාර වැඩක් !
ඉස්සර ඕවා කීලෝ ගණන් බර හීන වුනාට උඹට දැන් හැදිලා තියෙන Contact එක්ක සහ උඹ හදාගෙන තියෙන දෙයත් එක්ක උඹට එහෙම වැඩක් කරන්න පුලුවන් කියලා මාත් දන්නවා, උඹත් දන්නවා. උඹට දැන් නැත්තේ ඉස්සර තිබ්බ Vision එකයි ඒවා හිතන්න තිබ්බ කාලයයි.
උඹට වේලාව නැති එක සාධාරණයි බන්.
උඹ ඔය කරන වැඩ ටිකත් එක්ක කොහෙද බන් මේ වගේ වැඩක් කරන්න වෙලාවක්...
මතක තියාගනින් උඹ ඔය දැන් ඉන්න Life එකට පුරුදු වුනාම උඹේ ඇතුලේ ඉන්න artist මැරෙනවා, හැගීම් දැනීම් නැතිවෙනවා, Express කරන්න දෙයක් නැතිවෙනවා.
ටික දවසක් ගියාම තමන් වෙන එකෙක් වෙනවා, පරණ එකාව අමතක වෙනවා.
Struggle එක ඉවරවුනාම කොහොමත් art එක යනවා බන්. ..
ඒක normal.
ඒක තමයි උඹේ අලුත් වැඩ වලට වඩා පරණ වැඩ පට්ට රහ.
උඹට දැන් Shape එකේ ගොඩ ගිහින් ඉන්නේ.
උඹට ලොකු අවුලක් නෑ...
හැබැයි උඹේ කාමරේ Pentium4 එකේ හදපු පළවෙනි සින්දුවේ ඉදන් උඹේ සින්දු අහපු එකෙක් විදියට මම හිතනවා උඹ දැන් Energy එක දාන්න ඕනේ උඹේ නම ගහපු ජ්ංගි කොට, ටී ශර්ට් කෑලී විකුනන්න වත් ගොන් Channel වල ගොන් Interview වලට යන්නවත් Tik Tok එකේ උඹේ අලුත් සින්දුවට Dance Cover කරපන් කියලා වදින එකටවත් නෙමෙයි කියලා...
මුලින්ම කරන්න ඕනේ එක කරපන්...
අනික් ඒවා පස්සේ කරපන්."
"මතක තියාගනින් කාලය සීමීතයි..."
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_d1dc1e8184584af89448a1d3e1a35362~mv2.jpg/v1/fill/w_750,h_562,al_c,q_85,enc_auto/27f0f6_d1dc1e8184584af89448a1d3e1a35362~mv2.jpg)
Comments