top of page

Frequency.

Writer's picture: Arosha HettiarachchiArosha Hettiarachchi

Updated: Aug 5, 2022

දිනය - 21 පෙබරවාරි 2019

වේලාව - රාත්‍රි 9.21


තම ජංගම දුරකතනට පැමිණි අනපේක්ෂිත ඇමතුම හේතුවෙන් ඔහුගේ morphine හීනය බිඳ වැටී තිබුණි.

හාන්සී වී සිටි සෝෆාවෙන් නැගිටීමට පෙර ඔහු මේසය පුරා තැන තැන විසිරී තිබූ සිලින්ජර කටු සහ විවිධාකාර පෙති වර්ග කැටයම් සහිත කුඩා ලී පෙට්ටියකට අඩුක් කොට ඉතිරි වී තිබූ සිගැරෙට්ටුව ලයිටරයත් සමග කමීසම් සාක්කුවට දමා ගත්තේය.

කාමරය යතුරු ලා තරප්පු පෙළ බැස කොරිඩෝව ඔස්සේ පිටතට පැමිණි ඔහු ගොඩනැගිලි පරිශ්‍රයට ඇතුලුවීමට පෙර අත තිබූ සිගැරෙට්ටුව දල්වා උගුරු දෙක තුනක් ඇද ඉතිරි භාගය මල් පොච්චියක් තුලට විසි කළේය.


දුඹුරු පැහැයට හුරු කමීසයක ඍජුකෝණාස්‍රාකාර හැඩයේ ආරක්ෂක පදක්කමක් පැළඳ සිටි කෙසඟ ශරීරයකට හිමිකම් කියනා මිනිසෙක් නිදිමරගාතේ තමා ඉඳ සිටි අසුනෙන් නැගිට "Sir" කියා ඔහුට ආචාර කළේය.

එයට ප්‍රතිචාර ලෙස හිස මදක් සෙලවූ ඔහු

විදුලි සෝපානයට ගොඩ වූයේ තමාට තෙවැනි මහලට යෑමට වුවමනා බැවිනි.


ලෝහ රාමුවක් සහිත විශාල විදුරු දොරින් රාජකාරි ස්ථානයට ඇතුලු වු ඔහුට දක්නට ලැබුනේ තමා එනතෙක් යකඩ ඇඳ මත මුනින් අතට වැතිරී සිටින නිරුවත් කාන්තාව ය.


ඇත්දළ පැහැයට හුරු ශරීර වර්ණයකට හිමිකම් කී ඈ හට තිබුනේ රැලි ගැසුනු තැනින් තැන තඹ කෙරූ කොන්ඩයකී.

පිරිපුන් ශරීරයකට අයිතිවාසිකම් කී ඈගේ දකුණු පයෝධරයට පහළින් "Seek truth" යැයි පච්චා කොටා තිබුණි.

තම අතට හසුවෙන මානයේ තිබූ ලිපි ගොනුව ග්‍රහණයට ගත් ඔහු එය පෙරළමින් ඈ සමග සිනාසුනේය.


"නම ?"


“ෂෙනාලී."


“වයස ?”


“27යි.”


“Blood group එක ?”


“AB +”


“බර ?”


“54යි.”


“උස ?”


“5’ 3යි.”


"බෙල්ලේ දම් පාටට තියෙන mark එක කම්බියකින් වෙච්ච දෙයක් ද ?"


"ඔව්."


"කීයට විතරද ඒක වුනේ ?"


"හවස 4.30 ත් 5ත් අතර...”


“වම් අතේ නිය පොතුවල තියෙන්නේ ලේ පැල්ලම් කිහිපයක් නේ ?

කෙස්ගස් දෙක තුනකුත් තියෙනවා..."


"ඔව්,

බෙල්ල හිර වෙද්දි මම බේරෙන්න හැදුවා...

එත්කොට මගේ අතින් මූන හීරිලා ලේ එන්න ඇති..."


"හ්ම්ම්..."


පසෙක පිහිටා ඇති වානේ මේසය මත තිබූ කාඩ්බෝර්ඩ් පෙට්ටියකින් පිටතට ගත් අත් මේස් යුගලය පැලඳගත් ඔහු එහි ආසන්නයේම තිබූ රෙකෝඩර් යන්ත්‍රය ගෙන එහි පටිගත කිරීමේ බොත්තම තද කළේය.


"Date 21 February 2019

Time 9.40 p.m

Case number 012/FD/002

Sri Lankan - Female

Age 27 Cause of death...."



ඒ. ඩී හෙට්



53 views0 comments

Recent Posts

See All
Loop.

Loop.

Offering.

Offering.

Comments


Post: Blog2_Post
bottom of page