top of page

වෙන කතාවක්.

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 17, 2021
  • 2 min read

ඕ ලෙවල් අවසන් වී විසිර යාමේ පාටිය සංවිධානය කිරීමේ කටයුත්ත ට මාවත් සම්බන්ධ කරගැනීමට මිතුරන් තීරණය කර තිබුණි.

එවකට මා සම්බන්ධතා කැඩී නැති වී නන්නත්තාර වී love අහේනියෙන් පෙලෙමින් සිටියෙමි.

ගිටාර් ගැසීමේ සහ රස්තියාදු ගැසීමේ සම සමව යෙදි සිටි කාලයකි.

උරහිස ගාවට වැවෙමින් තිබුනු බොකුටු කොන්ඩය, සුදු යකඩ මාලය සහ ගෙදර දී කපා සාදාගත් දනහිස් ඉරුනු ඩෙනිම මාගේ ජාතික ඇඳුම විය.


"අයියෝ කොන්ඩේ කපන්නකෝ !

කැතයි අනේ..."


ඒ මාව යහමගට ගැනීමට වෙරදරන ම්තුරියෙකි.

ඇය ටික කලක් පටන් මා ගැන දැඩි අවදානයකින් පසු වෙයි. ඒක ට්කක් ඕනවට වැඩි ය. හැබැයි මාගෙන් ඊට චාන්ස් නොමැත. මම ඉන්නෙ මගේ scene එකේ ය.


මෙම සිදූවීමට සමගාමිව අප අසලින් තව තරුණියක් ගමන් කරම්න් සිටී. අප ජෝගි දාන අතර ඇය සංවිධාන කටයුතු වල නිරත වී සිටියේය. කිසි දිනක අප කතා කර නැති නමුත් ප්‍රශ්නය මා කෙලින්ම ඇගේ ගිනුමට බැර කලෙමි.


"කොන්ඩේ අවුල් ද ? කපන්න ඕනේ ද ?"


ඇය මා දෙස බලා සිනාසුනි.


“කපන්න එපා.”

“ඔහොම තියන්න...”


කතන්දරය වෙනස් විය. මිතුරිය ගේ මුන පුක වී ඇත. මට ෆුල් ආතල්‍ ය.

ඉන්පසුව දවසේ වැඩි හරියක් කාලය මම ඇය සමග ගත කිරීමේ උත්සාහයක නිරත වෙමින් සිටියෙමි.


"ඒ..කවුද බන් ?"


"කොල්ලෙක් ඉන්නවා බන්. අපේ class ආවේ නෑ...

ඌ ඕ ලෙව්ල් වලින් පස්සෙ රට ගියා බන්, හැබැයි තාම ඒක තියෙනවා."


පැනයට පිලිතුරු ලැබුණි. දැන් මාගේ මුන පුක වී ඇත. මොරාල් එක බ්න්දුවේ ය. සිහින මාලිගා කඩා වැටී නටබුන් පයට පෑගී පොඩි පට්ටම් වී ගොස් ඇත.


දවස අවසන් වීමට ඇතතේ තවත් පැය කිහිපයකි.

පැයකි.

පැය බාගයකි.

විනාඩී පහළොවකි.

තත්පරයකි. තවමත් මම එක තැන...


මිතුරන් සමග වල බසින්නේ නැතුව අවසානය දක්වා සටන් කිරීමට තීරණය කලෙමි.


"ඔයා කොහෙද ඉන්නෙ ?"

"පාදුක්කේ..."


"125 බස් එකේ නේ යන්නේ ?

මටත් ඒකෙ ගිහින් පන්නිපිටියෙන් බහින්න පුලුවන්..."


පන්නිපිටිය මිස් විය. මතු වුනේ කොට්ටාවෙනි.

බසයෙන් එලියට පැනගැනීමට කලියෙන් මාගේ අංකය ඇය විසින් ජංගම දුරකතනයේ සටහන් කරගත්තේය.

එය 1100 වර්ගයේ දුරකතනයකි. කලූ frame, සුදු keypad.


අරමුණ යම්තාක් දුරකට සාර්ථක ය.

නැවුම් බලාපොරොත්තුවකින් කොට්ටාව නගරය ආලෝකමත් වී ඇත.


"ගොල්ඩ් ලිෆ් එකයි, චොකලට් කිරි පැකට් එකයි..."


ඉදිරි වසර කිහිපය තුල 125 පාදුක්ක බස් රථය මට ගෙදර වාගේ වන බව ඒ මා එවෙලේ දැන සිටියේ නැත.


ඒ. ඩී හෙට්


コメント


Post: Blog2_Post
bottom of page