top of page

ලියන්න ඕනේ කතාවක්.

Writer's picture: Arosha HettiarachchiArosha Hettiarachchi

Hot Chocolate සංගීත කණ්ඩායම සහභාගි වන මංගල ඩුබායි සංචාරය යෙදී තිබුනේ 2019 අගෝස්තු මාසයේ මුල සතියේය. මෙය සංවිධානය කර තිබුනේ ඩුබායි හී කේන්ද්‍ර වී සිටින ලාංකීය event organising ආයතනයක් වන D plus events විසිනි. අපත් සමග ලහිරු පෙරේරා, අශාන්ති සහ වස්ති මෙම ප්‍රසංගය සඳහා සහභාගි වීමට නියමිතව තිබුණි.


කටුනායක සිට ඩුබායි බලා පිටත් වීමට යෙදී තිබුනේ ජූලි 29 වෙනිදාටය. එදින කල් වේලා ඇතුව ගුවන් තොටුපලට පිව්සුනු අප රැගෙන ගිය ගමන් මලු සහ අනෙකුත් ආම්පන්න check in කර ගුවන් යානයට ගොඩවී ටික්ට් පතට අදාළ අංකයට හිමි ආසනවල වාඩී වී සිටියෙමු.

කොල්ලො ටික පට්ට ලස්සනය,

ඩුබායි යන්න සුපිරි iteams ටිකක් බස්සා ඇත.

තෙවැනි ඇසින් අනාගතය දැක තිබු ලහිරු සහ අනුශ්ක ඉදිරි දවස් කිහිපයටම හරියන ලෙස තමන්ගේ කොන්ඩා සකසාගෙන විත් තිබුණි.


කොර ද people !!


මා අසුන් ගෙන සිටින ආසන පෙළට සමාන්තර ආසන පේළිය හිමි වී තිබුනේ අනුශ්ක ට සහ තඩියාටය.


"මේ..

plane එකෙන් දෙන ඒවා හොඳට බීපන්, කුඩු වෙලා ඩුබායි වලින් බහින්න ඕන."


ගුවන් යානය takeoff කිරිමට ප්‍රථම අනුශ්ක විසින් විෂ බීජය අපගේ ඔලු ගෙඩි තුලට කා වද්දා අවසන් ය.

පැය බාගයකට පමන පසු ගුවන් සේව්කාවන් දෙදෙනෙකු ට්‍රොලියක් තල්ලු කරමින් අප දෙසට පැමිනෙමින් සිටී.


"Sir,

Apple juice ? Orange juice ?

Beer ? Wine ? Whisky ?

Water ?"


"Ill have whiskey. Thank you.

Yes. On the rocks."


කට්ටිය ෆුල් Scene එකේය. නොම්මර එකේ මහත්වරු පිරිසකි.


Cheers !!

ගුවන් යානයක මළ ගෙදරක කියා වෙනසක් නැත. හලා ගැනීමට කලියෙන් කොහෙත් සම්ප්‍රදාය අනුගමනය කල යුතුමය.

නැතහොත් බොන එක ශරීරයට අල්ලනවා හොර ය.

විස්කි උගුරු රස බලමින් අප ඉදිරි දින කිහිපයට යෙදී ඇති ඩුබායි වික්‍රමයන් පිලිබදව සාකච්ඡා කරමින් සිටියෙමු.


පැය කිහිපයකට පසු ගුවන් යානය auto pilot තත්වයෙන් පියාසර කරමින් තිබුණි. තැන් තැන් වල සිටි පිරිස් ඇඟපත හිරි ඇරගැනීමේ කටයුතු වල නිරත වී සිටියේය. මගී කුටිය තරමක් සන්සුන් ස්වභාවයක් ගෙන තිබුණි.

අප සිටි ප්‍රදේශයේ කතන්දරය තරමක් වෙනස්ය. අප ගේ ආසන වටා හිස් වු ප්ලාස්ටික් කෝප්ප විශාල ප්‍රමාණයක් ගොඩ ගසා තිබුණි. අනුශ්ක සුපුරුදු කතා නායක අසුනේ වාඩී වී ස්ටියේය. ඉදිරි පෙල අසුනේ සිටි උන් සෙට් වීමේදී සිටිය යුතු සුපුරුදු රවුමේ හැඩයට සිටිමට නොහැකි නිසා දනහිස් පොල්කටු තම අසුනේ ඔබාගෙන පිටුපස හැරී සංවාදයට සම්බන්ධ වී ස්ටියේය. අහසේ බ්‍රෙක් ගසන්නේ නැත්තේ පිනකටය. වැරදි ලා හෝ බ්‍රෙක් පාරක් ගැසුවා නම් යන්න වෙන්නේ හොම්බෙනි. අඩි 31,000 උඩදී ඩෝප් එකේ තරම තේරෙන්නේ නැත. මහත්වරුන් ගේ නොම්මරය තිබුනේ විසි අටේය.


ඒ වනවිට ගුවන් සේව්කාවන් අප හට මත්පැන් ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි. අනුශ්ක උත්සාහය අත්හරින්නේ නැත.


"මේ ඔයාලට බොන්න තියාගත්ත ඒවා වලින් දෙන්නකො.."


"ඔව් ඔව් අන්තිම එක, last one.

ආයිත් ඉල්ලන්නේ නෑ."


“මේ මෙයාටත් තව එකක් දෙන්න.

ඔක්කොම තුනයි. ඊට පස්සේ අපෙන් ආයිත් කරදරයක් නෑ."


මේ වන විට අප ක්‍රමක් ක්‍රරමයෙන් ගමනාන්තයට ළඟා වෙමින් සිටියෙමු. අපගේ අභිමතාර්ථය වුයේ ගමන් මලු, ආම්පන්න ඉක්මනින් නිදහස් කොටගෙන ගුවන් තොටුපලේ කොනක් අල්ලාගෙන සිගැරට් එකක් ගැසීමයි. අප සිටියේ ෆුල් සැපේය. ඩුබායි වයිබ්ස් උල් එකෙනි.


ප්‍රසංගයේ සංවිධායකයන් කිහිපදෙනෙකු අප පිළිගැනීමට ගුවන් තොටුපලට පැමින සිටියේය. ඒ අතර සිටි ගැහැනියක් කඳුලු කැට පුරෝගෙන විත් අනුශ්කව වැළඳගත්තේය. ඒ ඩුබායි වල වාසය කරන ඔහුගේ වැඩිමහල් සහෝදරිය බව මාහට පසුව දැනගන්නට ලැබුණි.


"මේ මොකෝ මේ ?"


අනුශ්ක ඔහුගේ සුපුරුදු ආතල් වාග් හරඹයන් ඇය දෙසට යොමු කළේය.


"මල්ලි...තාත්තා...,

තාත්තා නැති වෙලා මල්ලි..”


කාලය කැටි ගැසෙන්නේ පටන් ගෙන තිබුණි. ගුවන් තොටුපලේ ඇසට පෙනෙන තෙක් මානයන් අඳුරු වී මළානික ස්වරුපයකට පරිවර්තනය වීමට ගත වුයේ තත්පර කිහිපයකි. ඩුබායි වයිබ්ස් අල වී ඇත.


අනුශ්ක ගේ ඇස් ගෙඩි දෙක දොට්ට පනින්න ඔන්න මෙන්න ය. සොයුරිය වැළඳගෙන තමා ගේ රැවුළ් කෙඳි පිරිමදිමින් ඔහු බිම බලාගෙන සිටියේය. මා සිටියේ ඔහුට මීටර් කිහිපයක් ඈතිනි. ඔහුට නැවත ලංකා ව බලා පිටත් වීමට සංවිධායකයන් ටිකට් පතක් ලෑස්ති කර තිබුණි.


"මචන්, උඹ ඊලග flight එකේ පලයන්.

Show එක ගැන හිතන්න එපා, ඒක අවුලක් නෑ."


"උඹ ට යන්න අපි ticket ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නෙ."


අනුශ්ක නිහඬය.

ඔහු තවමත් හිස බිම් තලයට යොමු කරගෙන රැවුළ පිරිමදිමින් සිටී.


"මන් යන්නේ නෑ බන් !"

"මම show එක ඉවර වෙලා යන්නේ."


ඔහු තීරණයකට පැමින තිබුණි.


ඉන් දිනකට පසු ඩුබායි හී Boracay සමාජ ශාලාවේ සැළසුම් කර තිබු ආකරයෙන් ප්‍රසංගය පැවැත්විණි. අනුශ්ක සමග මා බොහො ප්‍රසංගයන්ට සහභාගි වී තිබුනද එදා ඔහු ඔහුගේ කොටස වෙනදාටත් වඩා සුපිරියටම කල බව මට හැඟීනි. ප්‍රසංගය අවසන් වු සැනින් ඔහු ලංකාව බලා යෑමට පිටත් වුනේය. අපගේ ගුවන් ගමන් යෙදී තිබුනේ ඉන් දින කිහිපයකට පසුවයි.


ඔහු කලාකරුවෙකි.

කලාකරුවන්ට හැඟීම් රෙද්දෙ රෙවෙන්න දැනෙනා බව මා අත්දැකීමෙන් දනිමි. නමුත් ඔහු ගේ මොරාල් එක තියෙන්නෙ වෙනම ලෙවල් එකක ය.

එය කිසි දිනක වෙනස්වන්නේ නැත.


ඒ. ඩී හෙට්


3 views0 comments

Recent Posts

See All
Loop.

Loop.

Frequency.

Frequency.

Comments


Post: Blog2_Post
bottom of page