top of page

මාර හමුවීම.

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 16, 2021
  • 1 min read

ජිවිතේ වැඩිපුරම ඇත්තේ කලකිරුනු තැන් සහ ගොන් කම්‍ ය. ඉස්සර සමහරක් ආතල් වූ තැන් පවා පසුකාලීනව ගොන් කම් බවට පරිවර්තනය වී ඇත. ඒ ගොන් කම් පසුතැවීම් වලට පෙරලීම ට යන්නේ මිනිත්තු 2යී තත්පර 18ක් වැනි කාලයකි.


අසනීපයට ප්‍රතිකාර කල යුතුය. මෙය සාමාන්‍ය අසනීප තත්වයන්ට වඩා වෙනස් බව වැටහෙන්නට යම් කිසි කාලයක් ගතවේ. රෝග ලක්ෂණ විටින් විට මතු වී නැති වී යයි , නිදාගැනීමේ අපහසුතා ඇති වෙයි, දෙමාපියන්, යහලුවන්, මිතුරියන් ගේ ආශ්‍රය අඩු වීමක් දක්නට ලැබෙයි. පැනඩෝල් දෙකක් බී ඉක්මන් සහනයක් බලාපොරොත්තු විය නොහැක. අඩුම වශයෙන් පැනඩෝල් කාඩ් තුනක් වත් පානය කර යුතුය. ඉක්මනින් බෙහෙත් කරේ නැතහොත් සදා සොත්ති ය.


ලෙඩේට ප්‍රතිකාර කරන සුපිරි වෙද මහත්මයෙක් ඇත.

ගැටලුව වෙදා අල්ලා ගැනීමට ටිකක් මහන්සි වීමට සිදු වීමයි. අපිට අවශ්‍ය වේලාවට වෙදා පැමිනෙන්නේ නැත. ඌ එන්නේ ඌට ඕන වෙලාවට ය. එතෙක් චාටරේ කාගෙන සිටීමට සිදු වෙයි.


වෙදා ප්‍රතිකාර කිරිමට පැමිනෙන දවස උදා වී ඇත.

මා සිට්යේ කාමරයේ පොලව බදාගෙන ය. වෙද මහත්මයා ගේ චායාව ඈතින් මට දිස් වෙයි.


"අම්මෝ ඇයි මෙච්චර පරක්කු ? දැන් සෑහෙන්න කාලයක් තිස්සෙ මම බලා ගෙන හිටියා Mr. එනකම්"


සිනා මුසු මුහුනින් මම වෙද මහත්තයා ව පිලි ගත්තෙමි.


"මම Mr. මාරයා නෙමෙයි. එයාට අද එන්න වෙන්නෙ නෑ. මේ දවස්වල හරියට busy. ලෙඩ්ඩු වැඩී."


"එතකොට ඔයා කවුද ?"


"මම Mr. Depression. බය වෙන්න එපා මම ඔයාව බලාගන්නම්.”


පැනයට පිලිතුරු ලැබුණි.

දින සති වලට පෙරලී, සති මාස වී, මාස අවුරුදු වලට පෙරලී ඇත.

දැන් මා ඔහුට Mr. කියා ආමන්ත්‍රණය කරන්නේ නැත. ඒ අපි දැන් අඹ යහලුවෝ බැවිනි.


ඒ. ඩී හෙට්


Comments


Post: Blog2_Post
bottom of page