"මැච් එකක් ගහන්න ඕනේ බන්" යනු නිතරම වාගේ සමාජයේ විවිධ වූ පිරිස් අතරේ මතුවන සංවාදයකි. තැබැරුමේ දී, කඩ අයිනේ, අඳුරු මුලු වල, කාමරයේ දොර වැසූවා ම, ව්ට්ස් ඇප් හවුල් අතරේ, බුකියේ සහ එකී මෙකී නොකී සෑම තැනකම මෙම කතිකාවත නිතැතින් මතුවේ.
මැච් එක්ක ගැසීම යනු ජීවීතය සාර්ථක කර ගැනීමය. ජීවීතය සාර්ථක කරගැනීම යනූ ගෙවල් දොරවල් සාදා ගැනීමය, වහානයක් මිලදී ගැනීමය, දරුපවුලක් නඩත්තු කිරිමය, බැංකු ගිණුම් සිනාසී සිටීමය, තමන්ගේ නමට ඉඩකඩ්ම් තිබීමය. ඉංග්‍රීසි භාෂාවෙන් මෙයට Successful වීම යයි කියනු ලැබේ.
මැච් එකක් ගසා සිටිනා උන් ජිවිතයට බය නැත. තමන්ට රිසි වේලාවේ රිසි දෙයක් කිරිමේ යම්කිසි හැකියාවක් කලින් ගසා තිබු මැච් එක හේතුවෙන් ඔවුනට හිමි වී ඇත.
සමහරක් පුද්ගලයන් ගේ මැච් එක ගසා ඇත්තේ ඔවුන්ගේ දෙමාපියන්ය. පිනක් හේතුවෙන් එසේ වී ඇතිබව සමහරක් පවසයි.
මැච් එකක් ගසා තිබෙනා අයට සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇත. මැච් එකක් ගැසීමට උනන්දුවක් දක්වන පිරිස් වලට වැඩමුළු සංවිධානය කොට ටිකට් කඩා ඒවායෙනුත් මැච් එකක් ගැසීම ඔවුන්ගේ විදිය ය. ඔවුන් සුපිරි බැට්ස්මන් ලා ලෙසින් හදුන්වනු ලබයි.
ටික කලක් බැට් කර අනිවා ශතකයක් හෝ අර්ධ ශතක කිහිපයක් ලබා ගත හැකි බැටින් පිච් ඇත.
දේශපාලනය, ආගමික ස්ථානයන්, ක්‍රිකට් ක්‍රිඩාව, කලාව, අවහා විවාහා, Youtube සහ Facebook මෙයින් කිහිපයකි.
මැච් එක ගැසූ පසු බොහෝවිට තමන් ගේ පිටියට හෝ ක්‍රිඩාවට ඇති ළැදිකම ක්‍රමක් ක්‍රමයෙන් අඩුවෙන ස්වාභාවයක් බොහෝ පිරිසකින් දක්නට ලැබේ. ඉන් පසුව දක්නට ලැබෙන්නේ ගහන්නම් වාලේ ගැසීමකී. මෙය මාරාන්තික රෝගී තත්වයකි. බෝවෙන සුලුය.
තමන්ට තමන්ව අමතක විය හැක. මුල මතක නෑ කියා සමාජයේ හදුන්වන්නේ මෙයටය.
වහාම ප්‍රතිකාර කල යුතුය. නැතහොත් මොවුන්ගේ පිටුපස වැටී මැච් එකක් ගැසීමට උනන්දුව දක්වන අයටත් මෙය බෝවිය හැක.
අත්මාර්ථ්කාමී නොවන්න. තමන්ට සහ සමාජයට අවංක වන්න. තමන් ගේ මැච් එකෙන් තරමක් ඔබ්බට සිතා ලෝකය ලස්සන තැනක් කිරීමට උත්සහ ගන්න.
ඔබ නොදැනුවත්ව ඔබේ මැච් එක ඉබේ ගැසෙනු ඇත.
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_426c4b41abe64cb5ab3a36d8c8b59d10~mv2.jpg/v1/fill/w_770,h_476,al_c,q_85,enc_auto/27f0f6_426c4b41abe64cb5ab3a36d8c8b59d10~mv2.jpg)
Comments