දවස් දෙකකට කලින් පපුව කඩාගෙන යන විදියේ news එකක් දැක්කා. දැක්ක දේ කොච්චර විශාලයි ද කියනවා නම් ඒක ගැන කල්පනා කරන්නත් පැය 24ක් ගියා.
ලංකාවේ Hip Hop scene එකේ ඉන්න තදම act එක (මට නම් අදටත්) "රස්තියාදු පදනමේ" Youtube channel එක ආණ්ඩුව විසින් ගලවලා දාලා ඒ මදිවට කොල්ලෝ ටිකව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් ඇදගෙන ගිහින්...
හේතුව අසභ්‍ය වචන තමන්ගේ ගීත, නිර්මාණ වලට යොදාගැනීම.
තමන්ගේ Art එකට කුණුහරුප යොදාගැනීම සම්බන්ධයෙන් මාගේ පෞද්ගලික මතය නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට පාර්ලිමේන්තුව තුල නීතියට එහා ඕනෑම අදහසක් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය, බලතල සහ නිදහස වගේ එකක් Artist කෙනෙක්ටත් (මෙතන Artist කියලා සඳහන් කරන්නේ Social media වල Paid Sponsership කරන හෝ TV Channel වල Game Show වලට එන මාගේ රත්තරන් යාලුවන්ට නොවන බව කරුණාවෙන් සළකන්න.) තමන්ගේ Art space එක ඇතුලේ තියෙන්නෙ ඕනේ කියන එක.
Artist කෙනෙක් තමන් ට දැනෙන දේ express කරන්න ජුන්ඩා පෙන්වනවා ද, කලිසම ඔලුවෙන් ගලවනවා ද, කුණුහරුප කියනවාද කියන එක පැත්තකට කරලා ඌගේ Art එකේ තියෙන content එක මොකද්ද කියලා අඳුරගන්න පුලුවන් වෙන තැනට මිනිස්සු විදියට අපි හැමෝගෙම ඔලු හැදෙන්නේ ඕන කියන එක මම තරයේ විශ්වාස කරනවා. (හැබැයි content එක නම් මහත්තයෝ true to the core වෙන්න ඕන.)
කොහොම හරි...
මේ සිදුවීම සම්බන්ධයෙන් මගේ මතය නම්, මේක තමයි "රස්තියාදු පදනමට" ඉතිහාසයේ මෙතුවක් කාලයකට සිද්ධ වෙච්ච හොඳම වැඩේ.
පැය භාගයකට පොඩ්ඩ්ක් ඉඳගත්තා නම් මේකට campaign එකක් ලියන්න පුලුවන් හෙට උදේ Dr. Dre ගේ අලුත් සින්දුවට මලියාවයි, පුලියාවයි feature කරන විදියට.
ඇයි දන්නවා ද ?
"Underground Hip Hop group එකක සින්දු ආණ්ඩුවේන් ගලවනවා...උන්ව arrest කරනවා...
මචන් that’s some legit shit right there bro..."
මම campaign එක පටන් ගන්නේ මෙහෙමයි.
"රස්තියාදු පදනම - This is Hip Hop."
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_ca1205345cc748948fcd52adb53b94de~mv2.jpg/v1/fill/w_720,h_405,al_c,q_80,enc_auto/27f0f6_ca1205345cc748948fcd52adb53b94de~mv2.jpg)
Comentarios