ට්‍රැක් වසන්ත.
- Arosha Hettiarachchi
- Aug 16, 2021
- 1 min read
ට්‍රැක් පැන නැති මිනිස්සුන් නැත. එකිනෙකා ගේ ට්‍රැක් එකිනෙකාට විශේෂ ය. අඩු වැඩි වශයෙන් එක හා සමාන ට්‍රැක් ඇති පිරිස් එකට එකතු වී එකට ට්‍රැක් පන්නා ගනිති.
තවත් සමහරක් තමන් ට ට්‍රැක් පැන නොමැති බව සිතාගෙන සිටී. වඩාත් පරිශුද්ධ තමන් ට පැන ඇති ට්‍රැක් එක බව තරයේ විශ්වාස කරන සමහරුන් ද අප හට එදිනෙදා සමාජයේ දී දක්නට ලැබේ. ඔවුන් ට අප ට්‍රැක් වසන්තලා යැයි කියමු.
දේශපාලනයේ සිට බුදු දහම දක්වාත් විද්‍යා වේ සිට කලාව, සංස්කෘතිය දක්වාත් එකී මෙකී නොකී සියලු ස්ථානයන් හී මොවුන් දැක ගැනීමට හැකිය.
ලෝකය හැඩ වී තිබෙන්නේ එකීනෙකාට ආවේණික වූ විවිධාකාර ට්‍රැක් හේතුවෙනි. ට්‍රැක් නැති සමාජයක් ඒකාකාරී වන අතර එකම ට්‍රැක් එකේ සිටින සමාජයක් රොබොටික් වෙනු ඇත.
මානූෂීය සම්බන්ධතා ගොඩ නගා ගැනීමේදී තමන් ගේ ට්‍රැක් එකෙන් පරිබාහිරව කටයුතු කිරීම ඉතා වැදගත් ය, අත්‍යාවශ්‍ය ය. එකිනෙකාට පැන ඇති ට්‍රැක් වලට ගරු කිරීමට පුරුදු පුහුණු විය යුතුය. ජීවත්වීමට තිබෙන්නේ ඉතා කෙටි කාලයක් බැවින් තමන් ට පැන ඇති ට්‍රැක් එකේ නිර්ව්‍යාජ බව අන් අයට ප්රත්යක්ෂ කිරීමට යාමෙන් වැළකි සිටිය යුතුය.
ට්‍රැක් හිංසනය පිටු දකින්න.
පැන ඇති සියළුම ට්‍රැක් වලට මෛත්‍රීය වඩන්න.
ආදරය කරන්න.
ට්‍රැක් වසන්ත කෙනෙකු නොවන්න.
ඒ. ඩී හෙට්

Comments