ඡායාරූප කලාවට බොහෝ සෙයින් ඇලුම් කලමුත් කැමරාවක් මිලදී ගැනීමට තව වනතුරුත් පොටක් පෑදී නැත්තේ එය තරමක් මිලෙන් වැඩි ආතල් එක්ක නිසාවෙනි.
පස් අවුරුද්දකට පමණ පෙර තිලිණක් ලෙසින් අයිතියට පත්වුනු චයිනිස් සම්බවයක් හිමි ඇක්ශන් කැමරාව මාගේ ඡායාරූප කස කසානය මැඩගැනීමට යම් තරමක පිටුවහලක් විය.
වැසිකිළි යාමේදී පවා ටයිම් ලැප්ස් ගැසීම ඒ වකවානුවේ දී ඩේ ටු ඩේ සිදුවන සාමාන්‍ය සිද්ධියකි. සොබාදහමට වඩාත් සමීප ස්ථානයන් පටිගත කරගැනීමේ උණකින් මා ඒ වන විට පෙළෙමින් සිටියෙමි. රෝගය සුව කරගනු පිනිස මාත් මාගේ තවත් මිත්‍ර පාර්ශ්වයකුත් මහා අලගල්ල තරණයට සූදානම් වී සිටියෙමු.
මිතුරා ගේ පදිංචිය පිළිමතලාවේ ය. නුවරට පිටත්වීම සදහා සිකුරාදා සවස හයට පමන කොටුවෙන් අර්ධ සුඛෝපභෝගී බස් රථයකට ගොඩවුනු අපට රාත්‍රි නවයයි තිහ පමණ වන විට මිතුරා පදිංචි නිවසට ළඟා වීමට හැකිවුනි.
ඇඟ පත සෝදා රාත්‍රි ආහාර ගැනීමෙන් පසු සිගැරට් දෙකක් ගසා ඊලග දිනයට යෙදී ඇති අලගල්ල වික්‍රමයන් ගැන සිහින දකිමින් අප නින්දට ගියෙමු.
පසුවදා උදෑසන අවදි වූ අපට දක්නට ලැබුනේ තරමක් අයහපත් වැසිබර කාළගුණ තත්වයකි.
"මේ වහින line එකක් නේ බන් තියෙන්නෙ...
මොකො කරන්නේ ?"
කාළගුණය අවිනිශ්චිත ස්වභාවයක් ගෙන තිබු බැවින් මිතුරා ගේ මුහුනේ ප්‍රශ්නාර්ථයක ලකුණු මතු වීමට පටන් ගෙන තිබුණි. වර්ශාව නතර වීම පමා වුවහොත් කඳු මුදුනේ සිට නැවත පහලට බැසීමේදී රාත්‍රිය උදා වී තිබීම හේතු කොට ගෙන ගැටලු සහගත තත්වයන්ට මුහුන දීමට සිදුවිය හැක.
"තව ටිකක් බලමු නේ ?"
මා බලාපොරොත්තු සහගත පිලිතුරුක් ලබා දුන්නෙමි.
පැයකට පමණ පසු වර්ශාවේ ඇති වූ යම් අඩුවීමක ප්‍රතිපළයක් ලෙස අප අලගල්ල වෙත පිටත් වීමට තීරණය කළෙමු.
“මේ උඹ ඔක්කොම ගත්‍තනේ ? ආයිත් බලපන්..."
මිතුරාගෙන් හීනි රිමයින්ඩරයකි.
මෙවන් ගමනක දි රැගෙන යායුතු ආම්පන්න සහ අනෙකුත් ගෙනියන දෑ පිළිබඳව ඉතා පරික්ෂාකාරීව සිටිය යුතුය. කුඩා හෝ දෙයක් අමතක් වූවොත් විඳවන්න වෙන්නේ කදු ගැට්ටේ සිටය.
ලොවෙත් No coming back.
ගමන් බිම්න් යෑමේදී මාගේ ලයිෆ් ස්ටයිල් එක පට්ට මිනිමල් බැවින් අත්‍යවශ්‍යය භාණ්ඩයක් හැර අන් කිසිවක් මා රැගෙන යන්නේ නැත.
Action camera - check.
Portable charger - check.
Charging cable - check.
Bluetooth speaker - check.
වතුර බෝතලේ - check.
සිගැරට් 10 - check.
Lighter එක - check.
Wine බෝතලේ - check.
ගිනි පෙට්ටිය - check.
මිතුරාගේ මැණියන් විසින් ලූනූ දමා ටෝස්ට් කර, පත්තර පිටුවක ඔතා දුන් පාන් කැබලී කිහිපය ද ගමන් මල්ලේ ඔබාගෙන ස්කුටරයක නැගුණු අප අලගල්ල දෙසට පිටත් වුනෙමු.
කඳු පාමුල බිම් ප්‍රදේශයකට අයිතිවාසිකම් කියනා නිවසක ස්කූටරය ගාල් කොට අලගල්ල තරණය කිරිමට පටන් ගන්නා විට වේලාව පෙරවරු එකොළහට පමණි.
අලගල්ල මුදුනට ගමන් කිරිමට ඇති මාර්ගය වැසි දියෙන් සේදී ගොස් ආඳෙකුගේ ලක්ෂණයන් පෙන්නුම් කරමින් තිබුණි. මෙවන් පරිසරයක නිසි මෙවලම් ආම්පන්න නොමැති ව කඳු නැගීම යෝග්‍ය නොවේ.
"අපි වගේ ගොන්නු දෙන්නෙක්...
මේ වැස්සේ කඳු නගිනව ද බන් ?
අනික bata කෑලි දෙකක් දාගෙන...”
විවිධාකාර සිතුවිලි හිස තුල පිපිරෙමින් තිබුනත් පටන් ගත් ගමන මැද්දේ අත්හැරීමට නොහැකි නිසා කට සහ පුක එක ලෙසින් වසාගෙන චාටරේ කාගෙන සිටිය යුතුය.
චාටරේ කෑම අපගේ ජානමය ගුණයක් බැවින් එය සම්බන්ධව චෝදනා කිරිම, පසුතැවීලි වීම කාලෝචිත නැත.
පැයකින් පමන පසු අලගල්ල දේවතාවිය ගේ ඉහ කොටස අපට දර්ශනය වීමට පටන් ගෙන තිබුණි.
"අඩෝ, තව පොඩ්ඩයී..."
මිතුරා ගේ ධෛර්යය සම්පන්න වදන් වලින් දිරි ගැන්වුණු මා ගමන ඉක්මන් කලෙමි.
ඉන් විනාඩි පහළොවකට පමන පසු අප අලගල්ල කඳුපාමුල පිහිටි විශාල ගල් පොත්තක් උඩ වයින් උගුරක් රස බලමින් ගිමන් හරිමින් සිටියෙමු.
වැසිබර කාළගුණය,මීදුම සමග මිශ්‍ර වූ රෙගේ ශබ්ද රටාවන් හේතු කොටගෙන අවට පරිසරය වෙන හැඩයකට අනුගත වෙමින් පැවතුණි.
There's a natural mystic
Blowing through the air.
If you listen carefully now you will hear ..
මද වේලාවකට පසු අපට ඈතින් දක්නට ලැබුනේ අලගල්ල තරණයේ යෙදන තවත් නඩයකි. අප සිටි ස්ථානයට ඔවුන් හොදින් දර්ශනය වූවත් මීදුම සහ කාළගුණ තත්වයන් යටතේ ඔවුනට අපව පැහැදිලිව පෙනෙන්නේ නැත. සියලු ම ආකාරයේ දියුණු හයිකින් ආම්පන්න වලින් සැරසී සිටි ඔවුන්ගේ පිරිස දහනමයක් පමණය.
පළමුව ගල් පොත්තට ගොඩවූයේ අවුරුදු විසි තුනක පමණ තරුණියකි. ගහකොල සතා සිව්පාවෝ අයිතිවාසිකම් කියන මිනිස් පුලුටක සේයාවක් නැති තහනම් අඩවියක උඩුකය නිරුවත් ව සිගැරට් බාගය අතේ තබාගෙන සිටි මා දැක ට්‍රැක පැන ඇති බව ඇගේ මුහුනෙන් පිලිඹිබු විය. ලේඩිස් ෆර්ස්ට් යනු සංස්කෘතික රීතීයක් වූවද සංවාද ආරම්භයේදී සෑමවිටම මෙන්ස් ෆර්ස්ට් විය යුතු බව මා හොදින් දනිමි.
"Hey, want some water ?"
අත්‍තිවාරමේ පළමු ගඩොල මගෙනි. පැනය අන්තර්ජාතික බාශාවේන් ආ බැවින් ඈ තරමක් සන්සුන් විය.
නංගී වතුර ඕනේ ද කියා ඇසුවා නම් පස් සතයකට ගණන් ගන්නේ නැත.
"Yaa..why not..."
"How was the hike ?"
"It was awesome , bit slippery..."
That’s what she said යැයි කීමට ඔලු ගෙඩිය තුලින් අදහසක් ආ නමුත්, මාගේ ගොන්කම ප්‍රදර්ශනය කිරිමේ වේලාව මෙය නොවන බව මා තෙරුම් ගතිමි.
දිගු සංවාදයකට ඉඩ නැත. හතරවිනාඩියක් ගත වන විට කඳු මුදුනේ අප සිටි ප්‍රදේශය විශාල පිරිසක ගෙන් ආවරණය වී තිබුණි. තවදුරටත් උඩු කය නිරුවත් ව සැපේ සිටීමට නොහැකි නිසා මිතුරාත් මාත් හීනීයට ටීර් ශෙට්ටුව වනා ගතිමු. ඊට විනාඩි පහලොවකට කලියෙන් තිබුනු මූඩ් එක බොක වී ඇත.
“මුන් යන්නේ නැද්ද බන් ?”
මා මිතුරාට පැනයකින් දමා ගැසුවේමි.
“නෑ, නෑ, උන් සිංහ කට නැගලා එහා පැත්තෙන් බහිනවා... ඒක තමයි normal route එක."
පැය බාගයකට පසුව එම පිරිස රැගෙන ආ කඹ සහ අනෙකුත් මෙවලම් ආඨාරයෙන් යුද හමුදා පුහුණු බටයන් සේ එකා පිටිපස එකා සිංහ කට නැගීමේ තරඟයේ යෙදී සිටියෝය. තවත් මිනිත්තු විස්සක් පමණ ගත වූ තැන නඩයේ සිටි සියල්ලක්ම වාගේ සිංහ කටෙන් එතෙර වී තිබුණි. නැවතත් පරිසරය යථා තත්වයට පත්වී මිතුරා සහ මා අපගේ නොර්මල් ලෙවලයන්ට පැමිනෙමින් තිබුණි.
හිස් ව තිබු වයින් බෝතලයත් තවත් නොයෙකුත් දෑ ගෙනා පොලිතින් කවරත් උරහිසෙන් පැත්තට දමාගෙන සිටි මල්ලට ඔබාගෙන සවස හතර පමන වන විට මාත් මිතුරාත් ආ මාර්ගය ඔස්සේම පහළට බැසීමට පටන් ගත්‍තේය. කඳු පාමුල පිහිටි ස්කූටරය නවතා තිබු නිවසට පැමිනිමට අපට ගත වූයේ මිනිත්තු හැත්තෑ දෙකකි. මාර්ගය ලිස්සන සුලු බැවින් පල්ලම බැසීම නැගීමට වඩා අසීරු කාර්යයකි.
මිතුරා ගේ නිවසට පැමින මඩ සෝදාගැනීමට ප්‍රථමයෙන් මා කලේ කැමරාවේ තිබූ ටයිම් ලැප්ස් දර්ශන පෙල ලැප්ටොප් ගතකිරීම ය. ඉන් පසු මා නා කියාගෙන එන අතරේ මිතුරා විසින් ගෙවත්තේ එලිමහනේ ඇඟ පත අමාරුකම් මග හැර ගැනීමට සහ මුහුණ දීමට සිදුවු සිද්ධින් පිලිඹදව කයිය ගැසීමට පොඩි සෙට් වීමක් ලකලැහැස්ති කර තිබුණි. සෙට් වීමට කලියෙන් දවසේ කතාන්දරය ලෝකයට කිව යුතු නිසා අලගල්ලේ දී ග්‍රහණයට හසුකර ගත් වීඩීයෝ දර්ශන මාගේ ඉන්ස්ටග්‍රැම් ගිණුමට උඩුගත කර හෑශ්ටැග් තිහක් ඊට පහලින් රචනා කලේමි.
පැයකට පමණ පසු අප දෙදෙනා යම් කිසි තත්වයකට පැමින තිබුණි.
"නුවර අරක්කු !"
සංවාද විසංවාද අතරේ මාගේ ජංගම දුරකතන තිරයේ ප්‍රකාශ පත්‍රයක් සංචලනය වෙමින් තිබෙනවා දැකගන්නට ලැබුණි.
"Hey remember me ?
We met at the top of the mountain. lol
The time lapse is really cool !”
"මේ අර කන්ද උඩ set වුන කෙල්ලද බන් ?"
මා මිතුරාගේ මුහුණ ට දුරකතනය එබුවෙමි.
"Privete account එකක් නේ ?
ඒකී follow කරලද උබව ?
follow back කරපන් බලන්න..."
මාගේ ඉල්ලීම සැලකිල්ලට ගෙන ඈගේ ගිණුමේ දොරටු මාවෙත විවර කිරීමට ගත් වුයේ විනාඩි අටක් සහ තත්පර විසි හයකි.
එකිනෙකාට මුහුණ ලා මත්පැන් පානය කරමින් සිටි අපගේ ස්ථානයන් මාරුවී දෙදෙනාටම සමබර තැනකට පැමින මාත් මිතුරාත් ඇස්ගෙඩි තිරය මත ඔබාගෙන සිටියෙමු. දේශපාලනය, ආගම සහ දර්ශනය, කලාව, සංස්කෘතිය යන මාතෘකාවන් ෆුල් ස්‍ටොප් වී විරුද්ධ ලිංගික ආකර්ශනය මත්පැන් මේසය මත මාතෘකාවක් බවට පත් වී තිබුණි.
ඒ ඈම බව සනාථ කරගත් මා ඇගේ පැනයට පිලිතුරු පණිවිඩය යැව්වෙමි.
"Hey, hey (Wave emoji)
Yes of course I remember you.
The girl I met on top of the mountain. lol"
"Haha when I saw you you first I thought you were living there or something like that. (Laugh emoji)"
"Haha (Laugh emoji)
I know.
You should have seen your face.
(Laugh emoji)
So are you from Kandy ?"
"No, no im from cololmbo i came with a hiking group. I do this normally.
(Blushing emoji)
Btw I’m planing on going to downsouth next weekend,
You should come if your free..."
අම්මට උඩු !, ආරාධනාවක් හීනීයට.
මා සුපිරි ක්‍රියාදාම නලුවෙක් යැයි ඈ සිතන්‍නට ඇත. පන්නිපිටිය කෙන්ද්‍ර් වී ඇති මාගේ වික්‍රමයන් ගැන ඇයට යම්කිසි අදහසක් තිබෙනවා නම් ඈ මට කතා නොකරනු ඇත.
එතැන් පටන් තුන් මසක් පමන යනතුරු සෑම සති අන්තයක් වාගේම මා ගත කරේ කොළඹින් පිට කඳුමුදුන්වල, වෙරළාසන්න හෝටල් තුල සහ ගංගා ඇළ දොළ ඉවුරු අසළය.
සිකුරා යනු මහා භයානක ජීවීයෙකි. උච්ච වූවොත් බබා හම්බෙනවා ශුවර්ය. තාවකාලික පැළැස්තර අලවා කිසිම තේරුමක් නැත. නිසි පිලියමක් යෙදුවේ නැතිනම් කන්දක් උඩ පවා කෙල්ලෙකු මුන ගැසිය හැක.
ඒ. ඩී හෙට්
Digital art collaboration "The I" Roshan Mallawaarachchi. (Alagalla 2021)
![](https://static.wixstatic.com/media/27f0f6_cd93405e55484b42969573ec4c98bcd6~mv2.jpg/v1/fill/w_904,h_1280,al_c,q_85,enc_auto/27f0f6_cd93405e55484b42969573ec4c98bcd6~mv2.jpg)
Komentáře