top of page

ඩයරිය 02.

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 18, 2021
  • 2 min read

20 ජූනි


අද recording එකක් තිබ්බා.

ගෙදර එනකොට ටිකක් හවස් වුනා.

ඉස්සරහා ගෙදරට අලුත් කට්ටියක් ඇවිල්ලා...

තාම බඩු අදිනවා...

කවුද කියලා දැක්කේ නෑ...

ගේ ඉස්සරහා සුදු පාට Audi Q7 එකක් නවත්වලා තිබුනා.

දතක් වගේ...


21 ජූනි


නැගිටින කොට ටිකක් දවල් වුනා...

ඊයේ රෑ බීපු බියර් කෑන් දෙක තුන විසික් කරලා දාලා මුලු කාමරයම අස් කරලා අතුගෑවා.

නාලා කරලා කනකොට වෙලාව හවස හතරයි...

බැල්කනියේ ඉදන් සිගැරට් එකක් බොන ගමන් ඉස්සරහා ගෙදර දිහා බලාගෙන හිටියා...

තාම අලුතින් curtain දාලා නැති නිසා ගේ ඇතුල පේනවා.

කොල්ලාට අවුරුදු 60ක් විතර ඇති....

වට කෙස් මැද හිස් ජාතියේ Model එකක්.

කෙල්ලට නම් 32ක් විතර...

ඇඳගෙන හිටියේ Grey colour butt short එකකුයි, Black colour Nike skinny එකකුයි...

Fit කෑල්ලක්.


22 ජූනි


අද උදේ Food city එකට යන්න එලියට බහිද්දි අලුත් neighbours ලා මූනටම හම්බුනා...

මම හිනා වුනා...

එයාලා හිටියේ වහානේ ඇතුලේ.

Jeep එක නවත්වලා shutter එක පල්ලේහාට දාලා අපි අලුතින් මෙහෙට ආවේ කියලා introduce කරලා දුන්නා...

නම Mr. විජේසූරීය...

මොනාහරි දෙයක් තියෙනවා නම් ඕනේ වෙලාවක කතා කරන්න කියලා මම Number එක දුන්නා...


23 ජූනි


රෑ 9ට විතර සිගැරට් එකක් බොන්න බැල්කනියට ආවා...

ඉස්සරහා ගෙදර වාහනේ තිබ්බේ නෑ.

Mrs. විජේසූරිය Sheer lace කලු පාටට හුරු කොට Night dress එකක් ඇඳගෙන එහාට මෙහාට ඇවිදිනවා...

අතේ Wine glass එකක් තිබුනා.

තාම ගේ අස් කරන ගමන්...

බඩු පෙට්ටි හැම තැනම...


24 ජූනි


අද දවල් 2ට විතර Unknown number එකකින් call එකක් ආවා...

කතා කරේ Mrs. විජේසූරිය.

Cupboard එකක් තියෙනවා හයි කරන්න උදව් වෙන්න පුලුවන් ද කියලා ඇහුවා...

මම දෙවනි පාරටත් නාලා Body spray එකත් හලාගෙන එහෙට ගියා.

Cupboard එක හයි කරලා වැඩ ටික ඉවර වෙද්දි හවස හතරට විතර ඇති...

Watermellon juice එකක් බොන ගමන් පැය බාගයක් විතර chat එකක් දැම්මා.

එයාගේ නම ඉශිනි,

විශාකා එකට ගිහින් තියෙන්නේ...

මගේ වයසේමයි.

ඉශිනි ඇඳගෙන හිටියේ Off white Linen අත් නැති දිග ගවුමක්.

එකේ කරේ Gold and Green minimal work එකක් තිබුනා...

Class කෙල්ලෙක්.


26 ජූනි


අද නැගිටිනකොට ඔලුව පුපුරන්න වගේ...

ඊයේ රෑ රාජුගේ Film premiere එකට ගිහින් ගෙදර එනකොට පාන්දර 1ට විතර ඇති...

එතන යාලුවෝ ගොඩක් හිටපු නිසා උන් හැම එකා එක්කම shot එකක් දාන්න වුනා.

බොන්න තිබ්බේ Shivas.

එහෙන් ගෙදර එන්න පිටත් වෙන්න ඔන්න මෙන්න තියලා White wine glass එකකුත් ගැහුවා වගේ මතකයි...

ගෙදර ආවේ හොඳ current එකේ...

ආපු ගමන් fridge එකේ තිබ්බ තව beer එකකුත් අරගෙන බැල්කනියට ගිහින් bluetooth speaker එකෙන් හිමිට සින්දුවක් දාගත්තා,

ඉස්සරහා ගෙදර light off කරලා එක කාමරයක විතරක් light එකක් දාලා තිබ්බා.

කාමරයේ ඇතුලේ තියෙන X හැඩයේ ලැල්ලක Mr. විජේසූරියව ගැට ගහලා තිබුනා...

මිනිහා ඇඳගෙන හිටියේ නිල් පාටයි සුදු පාටයි ඉරි ඉරි boxer එකක් විතරයි...

මූන බිමට කඩාගෙන වැටිලා.

කට වැහෙන්න ලොකු කලු tape එකක් අලවලා...

ඉශිනි අතේ කසයක් තියාගෙන කැරකි කැරකි හිටියා. කලු Leather thong එකක්, දනහිස් දෙක ගාවට උස Leather boot දෙකක් වැලමිට ගාවට දිග Leather gloves දෙකක් ඇරෙන්න එයා වෙන කිසිම දෙයක් ඇඳන් හිටියේ නෑ...

මූන වැහෙන්න Leather වලින් හදපු කලු පාට ලොකු අශ්ව ඔලුවක් දාගෙන හිටියේ...


දවල් නැගිටලා Phone එක බලද්දි ඉශිනිගෙන් whatsapp Message එකක් තිබ්බා එයාට ගිටාර් ගහන්න උගන්වන්න පුලුවන් ද කියලා අහලා කොමඩු ගෙඩියක emoji එකක් type කරලා එවලා තිබ්බා.


මම reply කරේ නෑ...



ඒ. ඩී හෙට්


Comments


Post: Blog2_Post
bottom of page