දවස එක.
අද අලුත් කෙල්ලෙක් බස් එකේ හිටියා.
හම කලුයි,
Curly කොන්ඩේ,
Thick eyebrows,
ලොකු රවුම් ඇස්,
ඇඳගෙන හිටියේ කොල පාට Blouse එකක්,
කලු පාට Office pants එක්ක...
කොහෙද දන්නේ නෑ වැඩ කරන්නේ ?
හෙටත් එයි ද ?
දවස දෙක.
අදත් දැක්කා.
මම හිනා වෙන්න try එකක් දුන්නා. එයා දැක්කේ නෑ,
මම හිටගෙන...එයා ඉඳගෙන...
Headset එක කනේ ඔබාගෙන ජනේලයෙන් පාර දිහා බලාගෙන හිටියේ...
සින්දු වලට ආස ඇති...මාත් සින්දු වලට ආසයි නේ.
දවස තුන.
අද මම බස් එකේ ඉස්සරහ දොරින් නැග්ගේ...
නැත්නම් හොයාගන්න බෑනේ කොහෙද වාඩිවෙලා ඉන්නේ කියලා...
මම ගිහින් එයාගේ Seat එක එහාපැත්තෙන් හිටගත්තා,
එයා මන් දිහා බලලා හිනා වුනා...
හිනා වෙලා මගේ ලැප්ටොප් බෑග් එක ඉල්ලගත්තා. හිනාවෙනකොට එක පැත්තක Dimple එකක් තියෙනවා, හරියට සංගීතා ගේ වගේ.
මම Headset එක අරගෙන කනේ ගහගත්තා.
බාචී ගේ කොහේ යන්නද මා දාගත්තා,
සින්දුවේ Visual එකේ හිටියේ එයයි මමයි...
මරු දවසක්.
දවස හතර.
අද එයා ඇඳගෙන හිටියේ Casual...
සිකුරාදා නිසා වෙන්න ඇති.
අදත් මම එයාගේ Seat එක එහාපැත්තේ හිටගෙන හිටියේ...එයා බෑග් එක ඉල්ලගන්න කලින් කොන්දා කෑගැහුවා මහත්තයා බෑග් එක උඩින් දාගන්න කියලා...
බෑග් එක දෙන්න වුනේ නෑ.
අද ඇඳගෙන හිටියේ Skinny එකකුයි, ඒකට උඩින් Jacket එකකුයි.
කොන්ඩේ උඩට කරලා band එකක් දාගෙන හිටියේ,
කන් දෙකේ ලොකු වලලු දෙකක්.
මම වැඩිය බලන්න ගියේ නෑ...
නෝන්ඩි වුනොත් මම හෙන පෙරේතයෙක් කියලා හිතයි.
එයා ගාව මාර සුවඳ ඇති නේ...
දවස පහ.
හිතුවේ නැති වුනාට අදත් හම්බුනා.
මම හිතුවේ අද නිවාඩු ඇති කියලා...
තව කොල්ලෙක් එක්ක අද බස් එකේ හිටියේ,
නිකන් කතා කර කර...
අදත් Casual.
කොල්ලා අහම්බෙන් බස් එකේ හම්බවෙච්ච පරණ යාලුවෙක් වෙන්න ඇති...
නෑදෑ වෙන මල්ලි කෙනෙක් ද දන්නේත් නෑනේ...
දවස හය.
අද නැග්ග ගමන් එයාගේ Seat එක එහාපැත්තේ Seat එකේ වාඩිවෙන්න හම්බුනා.
මාර Chance එක...
මාත් එක්ක හිනාවුනා,
Dimple එක පෙනුනේ නෑ,
ඒක තියෙන්නෙ දකුණු පැත්තේ නේ...
අද සින්දු අහන්නේ නෑ...Headset එක ගහගෙන Call එකක්.
මොකක් හරි ප්රශ්නයක් ද දන්නේ නෑ...
මම Headset එක ගහගෙන චාමර ගේ සිතින් විතරක් සරිත් සුරිත් එක්ක ගහන Version එක දාගත්තා,
ඒක පට්ට...
දවස අට.
මෝඩ මූසලයා...දැන් ඉතින් වැඩක් නෑ,
ඕක අමතක කරලා දාපන්.
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_49e3b043a40a4ac6bb23611e07a1a1b5~mv2.jpg/v1/fill/w_736,h_849,al_c,q_85,enc_auto/27f0f6_49e3b043a40a4ac6bb23611e07a1a1b5~mv2.jpg)
Commentaires