top of page

ටිකක් දිග කතාවක්.

Writer's picture: Arosha HettiarachchiArosha Hettiarachchi

අන්තර්ජාතික මට්ටමේ මෙටල් බැන්ඩ් එකක් සජිවී ව නැරඹීම දහසය වැනි වියට පා තැබු දිනයේ සිට තිබු සුවිශේෂි හීන වලින් එකකි.

ඉදින් තෙවසරකට පසු As I Lay Dying සංගීත කණ්ඩායම මෙරටට පැමිණිම සිදු විය. සංගීත ප්‍රසංගයට අනුග්‍රහය දැක්වු ආයතනයේ එවකට සේවය කරමින් සිටි මිතුරියක ගේ මාර්ගයෙන් හිමි වු අවසර පත් දෙකත් සමග මාත් මාගේ මිතුරාත් ප්‍රසංගය නැරඹීමට යමින් සිටියෙමු.

අපේ ප්‍රවාහන මාධ්‍ය වුයේ YAMAHA Virago 400 වර්ගයේ custom build මෝටර් සයිකලයකි.


Long fork

කට් සයිලන්සර්

Leather සීට්

උස handle

V එන්ජින්.


මොටර් සයිකලය තනි Old School ය. ගැනියෙක් ට වඩා ලස්සන ය. පණ ගැන්වු පසු පිටකරනා ශබ්දය හෙලිකොප්ටර්යක් වැනිය. ඕනෑම කෙනෙක් දුටුවිට කොර වෙන ජාතීයේ භාණ්ඩයකි.


ප්‍රසංගය අමුවෙන් බැලීමට නොහැකි නිසා මාත් මිතුරාත් සෙවනගල ඒවායින් හතරක්, බියර් කෑන් කිහිපයක් සහ ගොල්ඩ් ලීෆ් 20 පැකට්ටුවක් මිලදී ගතිමු.


"මේ දැන් අරක එක එක කමු නේ ?"


"සිගැරට් එකකුත් ගහලා යන්."


සෙවනගල දෙක තල්ලේ අලවාගෙන ඩබල් එකේ සිගැරට් එකකුත් ගසා විහාරමහා දේවී රංගභූමිය ට යෑමට පන්නිපිටියෙන් පිටත් වන විට වේලාව සවස 6ට පමණි.

මිනිත්තු 45ක් වැනි කාලයක් ඇතුලත ගමනාන්තය ට ළඟා වීමට අපට හැකි විය.


"මේ ඉදපන් සිගැරට් එකක් ගහලා ඇතුලට යමු."


කොහේ හෝ ගිහින් බැස්ස ගමන් සිගැරට් එකක් ගැසීම සාමාන්‍ය පුරුද්දකි. නව වටපිටාවේ ස්වභාවයට හුරු වීමට එයින් පොඩි රුකුලක් සපයයි.


“මේ අරක වැදුන ද බන් ?"


අහල පහල ගමන් කරමින් සිටින පිරිස් නිරික්ෂනයට ලක් කරමින් මිතුරා පැනයක් මතු කළේය.


"මට නම් මුකුත් නෑ බන් තාම. තව ටිකක් වෙලා ගියාම වදී නේ ?"


බලාපොරොත්තු සහගතව මා ප්‍රති පිලීතුරු සැපයුවෙමි.


සංගීත සන්දර්ශනය ඒ වන විට ඇරඹී තිබු හෙයින් බියර් කෑන් කිහිපය ප්‍රසංගය තුල සිට පානය කිරීමට තීරණය කර මිතුරාත් මාත්

හීනියට එලිමහන් ශ්‍රවණාගාරය දෙසට ඇදුනෙමු.


සංගීත කණ්ඩායම් කිහිපයක් වාදනය කර අවසන් වී දවසේ ප්‍රධාන ජවනිකාව පටන් ගන්නා විට වේලාව රාත්‍රි 9.20 ට පමණ ඇතිය. වැඩේ පොඩ්ඩක් අවුල් ය. සෙවනගල එක වැඩ කරන්නේ නැත. As I Lay Dying බැලීමට කලියෙන් අවශ්‍ය මට්ටමට ළඟා විය යුතුය.


"ඔයී මේක වදින්නේ නෑනේ ඔයී !"


"නැත්නම් වැදිලා අපිට තේරෙන්නේ නැද්ද ?"


“මේ අනිත් දෙකත් දැන් කමු."


ඉතිරි වී තිබූ දෙක කටේ ඔබා ගෙන එකළොස් වැනි දුම් වැටිය පත්තු කර ගන්නා විට තද සුළඟක් සමග බර පන්තියෙන් වර්ශාවක් කඩා වැටීමට පටන් ගෙන තිබුණි.

As I Lay Dying ශබ්ද රටා වැස්ස ට වඩා දරුණුය. වේදිකාවේ පහල සිටි කොල්ලන් සියල්ලක්ම වාගේ කමීස ගලවාගෙන සිටියේ ය.

Metal horns අහසේ ය. ඔලු ගැලවෙන්න headbang කිරීම ඔවුන්ගේ විනෝදයයි. වැස්ස නම් අදාළ ම නැත.


ගැම්ම !! උල් එකෙන් !! Argh !


මිතුරාත් මාත් තෙතබරිත වී අයිනක් අල්ලාගෙන ප්‍රසංගය නරඹමින් සිටියෙමු. ඔලු ගෙඩි දෙක ඇතුලේ ප්‍රශ්න වැලකි.


වදින්නෙ නැත්තේ ඇයි ?

දෙකක් ම දැම්මනේ..

මේවා expire වෙනවද ?

අපරාදේ බියර් ටිකක් වැඩිපුර ගන්න තිබ්බේ..


රාත්‍රි 11 පමන වන විට ප්‍රසංගය අවසන් වී පැමිනි සිටි පිරිස් සී සී කඩ විසිරි ගොස්ය. දරා ගැනීමේ හැකියාව අඩු වැඩි වශයෙන් තිබු අය after පාටියට සෙට් වී සිටියේය. වැසි අවසන් වී තිබු බැවින් බීර බඩගින්න නිවා ගැනීමට කොල්ලුපිටියේ පිලා එකට ගොඩවීමට අප තීරණය කලේමු.


"චිකන් චීස් කොත්තුවක්"

"ඔව්, ෆුල් එකක්.

පෙලේට් දෙකකට."


මිනිත්තු 40කට පමණ පසු ටී දෙකක් තොලගාමින් ඉතිරිව තිබු ගොල්ඩ් ලිෆ් තුනෙන් දෙකක් දල්වාගෙන අප පොඩි කයියකට සෙට් වී ගෙන සිටියෙමු.


"මේ මාර සීන් එකනේ බන්, අර දෙක වැදුනේ නෑනේ."


"ඔව් ඔයී !"

"ඒක නෙමෙයි අරුන් ගැහුවා නේ සුපිරියටම ?"


"අඩෝ ඔව්. මරු show එක.”


“මේ පොඩ් නිදිමත ලයින් එකක් තියෙනවා නේ ?"


"ඔව් බන් වැස්සට සෙට් වුනානේ. Hack."


අලුයම් කාලයේ කොල්ලුපිටිය නගරය තරමක් නිස්කලංක ය.

වර්ශාවෙන් සෙදී ගොස් තිබූ මං මාවත් නැවුම් සුවඳක සංකේතයන් පරිසරයට එක් කරමින් සිටි. මහානාමය පසුවී ටික දුරක් යනවිට මාගේ අවදානය තිබුනේ මෝටර් සයිකලයේ කට් සයිලන්සරයෙන් පිටවෙන හෙලිකොප්ටර් හඬටය.


ග්‍රර් ගඩ ගඩ ගඩ ගඩ..

ගඩ ගඩ ග්‍රර් ගඩ ගඩ..


කාලය තරමක් මන්දගාමී වී ඇත. රත් වුනු දෙකන් හරහා හමා යන සුලං රැල්ලේ සීතලක් සමග මිශ්‍ර වූ ගීතයක හඬ මාගේ දෙසවනට වැටුණි.


Ridin' through this world All alone,

God takes your soul You're on your own.


අම්මට උඩු ! බඩු වැඩය. තවමත් සිටින්නේ තුන්මුල්ල ආසන්නයේය. මිතුරා නිහඬය. ධාවනයේ වේගය පැයට සැතපුම් 30කි.

මා ඔහුගේ උරහිස ට තට්ටුවක් දැමුවෙමි.


“මේ ඔයී වැදුනනේ ඔයී !"


මිතුරා මා දෙස හැරී බැලුවේය. ඔහුගෙ මුහුන රතු වී ඇත. හොදින් පැසුනු තක්කාලි ගෙඩියක් වැනිය. ඉන් පසු අප දෙදෙනාට වචනයක් වත් කතා කර ගැනීමට නොහැකි විය. තත්වය මෙසේ තිබිය දී අලුයම 1.45 පමන වන විට විශාල ශ්‍රමයක් දරා මහරගම ට ළඟා වීමට හැකිවීම එදින ලැබු ජයග්‍රහණයකි. ඒ වනවිටත් අම්බානක සිනාසී අප ගේ බඩ වැල් ඇඹරී බොකු තද වී හුස්ම හිරවී සිටියේය. ඇස් රතු පාට බෝල ගෙඩි වලට පරිවර්තනය වී තිබුණි.


"අම්මෝ ඔයී, බෑ ඔයී ! හා හා හා හා අමාරුයි.

ඉතුරු වෙලා හා හා හා හා තියෙන සිගැරට් එක ගහලා යමු. හා හා හා හා !"


දඹහේන පාර අසල මෝටර් සයිකලය නවතා ඉතිරිව තිබු සිගැරෙට්ටුව පානය කරමින් අපව සන්සුන් කරගැනීමේ දැඩි උත්සාහයක මිතුරාත් මාත් යෙදී සිටියෙමු. කිසිම ආකාරයකින් සිනහව පාලනය කරගැනීමට නොහැකිය. සිගැරට් බාගය ඉල්ලාගත්තේ අහක බලාගෙන ය. එකිනෙකාට මුහුන දීමට නොහැකි තත්වයක් උදා වී ඇත. පුක පැලෙන්න හිනා ය.


එදායින් පසු අප කිසිම දිනක සෙවනගල වෙද මහතා හෑල්ලුවට ගත්තේ හෝ අවතක්සේරුවට ලක් කලේ නැත.


ඒ. ඩී හෙට්



8 views0 comments

Recent Posts

See All
Loop.

Loop.

Frequency.

Frequency.

Comments


Post: Blog2_Post
bottom of page