top of page

කතාවක්.

Writer's picture: Arosha HettiarachchiArosha Hettiarachchi

අම්මා ගෙන් ඉල්ලා ගත් 50 නොට්ටුව පසුම්බියේ දමාගෙන මාගේ කළණ මිතුරාත් සමග මහරගම දෙහිවල පාරේ තිබූ lover එකට ගොඩ වුනි.


මාගේ සිත ගියෙ මල් මල් කැටයම් වලින් නිමවු රෝස පැහැති plastic වළල්කටය.

මාගේ මිතුරාත් එම ජාතියේම නිල් පාට වළල්ලක් තොරාගෙන තිබුණි.

වළලු දෙක දමාගන්නට අපට වෙන වෙනම මලු දෙකක් ලැබූනේය.

මා එය මාගේ පොත් බෑගය ඇතුලේ පරිස්සමින් තැන්පත් කර ගතිම්.


"මේ දැන් class යන්න බෑ බන්, පරක්කුයි...

Class එක මැද්දේ ගියොත් නොන්ඩි...

අපි amityට යන්."


ඒ මාගේ මිතුරාය.


පන්ති cut කිර්‍ර්ම අපට පුරුද්දක් වී තිබු බැවින් amityය අපට ගෙදරට වඩා නිදහස් විය.

නිදහස කොතරම් ද යත් අපේ ලෝකය ඇතුලේ අපි එහි අයිතිකාරයෝ ය, බලවතුන් ය, ප්‍රේමවන්තයෝ ය, චන්ඩින්‍ ය.


ඉතිරි වී තිබූ මුදලින් අපි ගොල්ඩ් ලීෆ් මිලදී ගත්තෙමු.

ඒ දුම් බොම්න් කාලය නාස්ති කිරීමට නොව, ඉක්මනින් ලොකු වීමටය. අපිත් බලපුලුවන් කාරයෝ බව අපට ම ඒත්තු ගන්වා ගැනීමටය.


වෙලාව සවස 5යි. මාත් මිතුරාත් දැන් බස් හොල්ට් එකේය. පන්තිය අවසන් වී සුපුරුදු මුහුනු එක දෙක ක්‍රමක් ක්‍රරමයෙන් බස්‍ හොල්ට් එකට පැම්නෙයි.

5ත් 5.15ත් අතර තිබූ කාලයේ වෙනස පැය දෙකකට පමණ ආසන්නය. ඒ මාගේ නොවිසිල්ලයි.


"එනවා ! එනවා !" මිත්‍රයා සංඥා කලේය.


ඇය සහ ඇගේ යෙහෙළිය අපට මදක් ඈතින් සිටගෙන සිටී.

තත්පරෙන් තත්පරයට මහරගම උතුරන්න බස්‍ ය.

තෑග්ග දිමට මා නොවිසිල්ලෙන් බලා සිටිමී. තවමත් අවස්ථාවක් නොමැත.

සෙනග අඩු මදක් හිස් බස් රථයක් ඇවිත් අප ලග නැවැත්තුවේය. ඇය මා දෙස ඇස් කොනින් බලා යෙහෙළිය සමග බසයට ගොඩ විනි. මාත් මිතුරාත් දුව ගොස් බස් රථයේ එල්ලුනේය.


මහරගම සිට වීජෙරාමෙට ඇත්තේ හොල්ට් තුනකි, විනාඩි දහයකි.

බෑගයේ පරිස්සමට තබා තිබූ වළල්ල මා අතට ගත්තේය.

ආදරෙන්, බයෙන්, ලැජ්ජාවෙන් මම එය ඇයට පිරිනැමුවෙමි.

ඇය මා දෙස බලා සිනාසී වළල්ල ඇගේ ඩෙනිම් සාක්කුවට ඔබා ගත්තේය.


"මම බහිනවා, ඔයා ඉස්සරහින් බහින්න. තත්තා ඉන්නවා බස් හොල්ට් එකේ..."

අනතුරු ඇගවීම්ක් !

"හෙට literature class එන්න..."

ඇරයුමක්, බලාපොරොත්තුවක්.


"හා..."


මාත් මිතුරාත් බසයේ ඉදිරි දොරින් පැන ගත්තෙමු.


"උඹ දුන්නද ?" මිතුරා හිස වනති.

"මාත් දුන්නා, ගත්තා..." මම මිතුරාට කිවෙමි.

දෙමිතුරන් සතුටෙනි.


"දැන් මොකො කරන්නේ ?"

"මහරගමට ගිහින් සිගරැට් එකක් බීලා ගෙදර යමන්..."


විජේරාමේ හන්දියේ සිගැරට් බී ජයග්‍රහණය සැමරීමට වුවමනා වූවත්, අවුරුදු පහළොවේ කොල්ලන් දෙදෙනෙකුට සිගැරට් අලෙවි කරන කඩයක් අප ඒ අවට දැන සිටියේ නැත.


ඒ. ඩී හෙට්



42 views0 comments

Recent Posts

See All
Loop.

Loop.

Frequency.

Frequency.

Comments


Post: Blog2_Post
bottom of page