top of page

Offering.

Writer's picture: Arosha HettiarachchiArosha Hettiarachchi

Updated: Aug 5, 2022

සමීර ගේ නෙත් යුගල වහලයේ සිවිලිම මැද නතර වී තිබුණි. තමා ගේ සිතුවිලි දෝලනය වන රටාව තේරුම් ගැනීමේ උත්සහයක ඔහු නිරත වෙමින් සිටියේය. දැනෙනා වේදනාව නොදැනීම සඳහා ප්‍රතිකාර ලෙස දී තිබූ විවිධාකාර හැඩයේ පෙති සහ කෙමිකල් වර්ග මනසේ නොයෙකුත් ස්ථානයන් ස්පර්ශ කිරීමට ඔහුට අත්වැලක් සපයා තිබුණි.

රෝහලක, වාට්ටුවක, සයනයක් මත ගතවන මේ මොහොත දක්වා තමා පැමිණි ගමන් මග කාල රේඛාවක සටහන් කරගැනීමට සමීර සමත් වී සිටියේය.


උපේක්ෂා තමන් ගේ මිදීම සඳහා නොයෙකුත් තර්ක විතර්ක යම් කලෙක සිට ගෙන හැර පෑවත් මේ සියලූම නාටක තිරයට පැමිණියේ තමාගේ රැකියාව අහිමි වීම හේතුවෙන් ඇයව නඩත්තු කිරීමේ ගාස්තු සොයාගැනීමට නොහැකිවීම නිසාවෙන් බව සමීර තේරුම්‍ ගෙන තිබුණි.


සතියකට වරක් දෙවරක් නොවරදවා සහභාගිවූ තැබෑරුම් වන්දනාව අතහැර දැමීමට සිදුවීම හේතු කොටගෙන ලිහිල් වූ මිතුරු හවුල් ක්‍රමක් ක්‍රමයෙන් ආගන්තුක ස්වරූපයක් ගැනීම ද සමහරක් විට තමාගේ මානසික සෞඛ්‍යය පිරිහීමට බලපෑ හේතු සාධකයක් වන්නට ඇති බව සමීර කල්පනා කළේය.


මෑතකදි පටන් තමාගේ මව් කරුණාව කප්පාදු වී ගොස් ඇතැයි යන චෝදනා හමුවේ මවත් සමග වූ බහින් බස් වීමක් දුර දිග ගොස් අතට අසුවු රෙදි පොට්ටනියක් සමග පාරට බැස දින ගනන් තැන තැන වල් වැදී කෑ චාටරය සිහපත් වී සමීර ගේ සිතුවිලි කුණාටුවේ හැඩතල තරමකට වෙනස් වුනි.


පිරිනැමීමට, පිදීමට, බෙදාගැනීමට කිසිවක් නොමැති මිනිසා සමාජයට ප්‍රයෝජනයක් නැති නිකමෙකු වන බව ඔහු ඒ වන විට වටහාගෙන සිටියේය.


So what happens when you got nothing to give ?


When you got nothing left...


When you’re no longer useful...


නින්දත් නොනින්දත්, රැයත් දවාලත් අතර අගක් මුලක් නැති ෆැන්ටසි ලොවක් තුල කැරකෙමින් විසිවෙමින් පාවෙමින් සිටි සමීර ට තමාගේ නම මුමුණන වෛද්‍යවරියගේ කරුණාවන්ත කටහඩ ඔස්සේ යම්තාක් දුරකට පියවී ලෝකයට ළඟා වීමට හැකිවුණි.


"සමීර...

දැන් කොහොම ද ?

හෙලවෙන්න එපා...


Surgery එක සාර්ථකයි...

සමීර ගේ Kidney එක අපේ Patient එක්ක almost 90% Compatible...


තව දවස් දෙක තුනකින් fully recover උනාට පස්සෙ සමීර ට ticket කපාගෙන ගෙදර යන්න පුලුවන්...


Thank you සමීර."



ඒ. ඩී හෙට්



75 views0 comments

Recent Posts

See All
Loop.

Loop.

Frequency.

Frequency.

Comments


Post: Blog2_Post
bottom of page