තුන් සතියක් තිස්සේ පැවති අධික උණ තත්වය පහව ගොස් ඇතිමුත් වම් ඇටයේ වේදනාව අඩුවී නොමැති නිසා විශේෂඥ වෛද්‍යවරයෙකු බැහැ දැකීමේ නිමිත්තකට කටයුතු යෙදී තිබුණි.
සඳුදා දිනයේ දී දොස්තර මහතා ජයවර්ධනපුර රෝහලට වැඩීමට නියමිතව ඇත්‍තේ සවස හතරට වූවත් සවස එකයි තිහ පමණ වනවිට මා ගෙදරින් පැනගත්තේ රස්තියාදුවක් ගැසීමටය.
වැදගත් කාර්යයට යෑමට පෙර අංක 39 නාගහවත්ත පාරේ ගුහා ගතවී සිටින මිතුරා හමුවී ඇස් කන් නාස උගුර දිව පිනවා ජිවීතයට කෑ ගසා සවස හතර පසු වී පස් මිනිත්තුවක් යනවිට රෝහලට ලගාවීමට මට හැකිවුනි.
මනාලි දේශයේ සිට පැමිනි හෙයින් මාගේ කාලයේ වේගය සැබෑ කාලයේ වේගයට වඩා අඩු වැඩි වශයෙන් වෙනස් වී ඇත.
ත්‍රී රෝද රථයෙන් එලියට විසිවී බම්ප් වෙමින් පැමිනි මා නතර වූයේ සිකුරුට්ටා ඉදිරියේය.
"මහත්තයා මොකටද...?"
“මේ...
හයේ කවුන්ටරය කොහෙද තියෙන්නේ ?"
“මේක පුරවගෙන එන්නකෝ...”
පාසලෙන් ඉවත් වී පසළොස් අවුරුද්දක් ගත වී ඇති බැවින් විභාග ලිවීමට ගන්නා එම ජාතීයේ මුද්‍රිත කඩදාසියක් නැවත දැකීමට මා කිසිසේත් බලාපොරොත්තු නොවුණි.
"පෑනක්...?"
"පෑනක් අතන මේසේ ගාව තියෙනවා මහත්තයා,
එතනට ගිහින් පුරවන්න..."
කලිසම් සාක්කුවේ නිල්, කලු, රතු, පාට ත්‍රීත්වයෙන්ම පිලිවෙලින් පෑන් ගාල් කර තිබුනද එය මාහට ලබාදීම ප්‍රතීක්ශේප කරමින් මදක් ඈතින් තිබෙනා මේසයකට ඔහු ඇගිල්ල දිගු කළේය.
"මුගේ අම්මට...කැ*යා..."
COVID වගතුග පත්‍රිකාව පුරවා ආරක්ෂක වලල්ලෙන් පැන්ගත් මා ඉන්පසු නතර වූයේ තොරතුරු කවුන්ටරයේ වාඩී වී සිටින මිස් ඉදිරිපසය.
"Doctor Sudarshan ?"
"මේක හතර වෙනි කවුන්ටරයට ගෙවලා රිසිට් එක අරන් එන්න..."
අංක ගනන් කරමින් කවුන්ටරය සොයා ගිය මා ඈත කෙළවරට වන්න තිබෙනා විශාල ප්‍රමාණයේ හතරේ ඉලක්කම දුටු පසු පා ගමන ස්වයංක්‍රිය ධාවනයට පත්කර ගැනීමට හැකිවිය.
දොස්තර බැහැදැකීමට මිලක් ගෙවු බවට සහතික කරමින් දුන් රිසිට් පත තොරතුරු කවුන්ටරයේ පදිංචිව සිටින මිස්ට භාර දී නැවත රිසිට් පතක් රැගෙන පහේ කවුන්ටරය ඉදිරියේ එළා ඇති පේලී පුටුවක මා අසුන් ගත්තෙමි.
වේලාව සවස පහට කිට්ටු වී තිබුනත් සෑම තැනකම එල්ලා ඇති ආලෝක බුබුලු, ආලෝක පටි ඒ වනතුරුත් ක්‍රියාත්මක වී නොතිබීම හේතුවෙන් ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ තිබුනේ ගුප්ත අඳුරු ස්වාභාවයකි. මේහා සමාන සීදුවීමක් Zombie චිත්‍රපටයක හෝ පරිගණක ක්‍රීඩාවක මින්පෙර දැක ඇතිබව මාගේ මතකයට පැමිනියේ හිස කිහිපවාරයක් අංශක තුන්සීය හැටට කැරකවීමෙන් පසුවය.
වෛද්‍යවරයා වැඩ සිටිනා කුටියේ දොරටුවට ඉහළින් රක්ත් වර්ණයෙන් ආලෝකවත් වී ඇති සෘජුකෝණාස්රාකාර පෙට්ටිය මාගේ සිතුවිලි කෙනෙත්තීමට සමත් වී තිබුණි.
ශල්‍ය සායනය.
அறுவை சிகிச்சை மருத்துவமனை.
Surgical Clinic.
මා වාඩී වි සිටිනා ආසන පේලියට සමාන්තරව දකුණු පසින් ඇති ආසන පේලියේ සරමකින් හැඩව වාඩී වී සිටින තරුණයා මාගේ නෙත ගැටුනේ අහම්බෙනි.
අතේ රඳවාගෙන සිටි ෆයිල් කවරය සහ මළානික වී ගොස් ඇති මුහුනත් තහඩුව නිසා ඔහු ශල්‍යකර්මයකට භාජනය වීමෙන් අනතුරුව වෛද්‍යවරයා හමුවීමට පැමින ඇතිබවට මා අනුමාන කළෙමි.
දෙදෙනාගේ ඇස් ගෙඩි හරහා ටෙලිපති ක්‍රමයකට අපි අදහස් හුවමාරු කරගනිමින් සිටියෙමු.
"Bro ඔයගෙත් වම් ඇටේ Case එකක් ද ?"
"හ්ම්ම්..."
"Operation කරාද ?"
"ඔව් Bro..."
"ඇටේ කැපුවා ද ?"
"හ්ම්ම්..."
ටෙලිපති සංවාදය බංකොලොත් කර දමමින් දොස්තර විමානයට යෑමට ඇති දොරටුව විවෘත වී හයේ හතරේ ස්ත්‍රී ගෝනී බිල්ලෙකු එතුලින් එලියට පැනගත්තේ ඊලග මිනිත්තුවේදීය.
“නොම්මර දහය ඉන්නවා ද ?
නොම්මර දහය..."
Finally...
My time has come.
ඒ. ඩී හෙට්
![](https://static.wixstatic.com/media/27f0f6_b3239ebdadb04302b2baa523ba4f92d1~mv2.jpg/v1/fill/w_562,h_750,al_c,q_85,enc_auto/27f0f6_b3239ebdadb04302b2baa523ba4f92d1~mv2.jpg)
留言