top of page

බෝ සෙවන.

  • Writer: Arosha Hettiarachchi
    Arosha Hettiarachchi
  • Aug 17, 2021
  • 1 min read

කලකට පෙර

වැඩ ඇරී ගෙදර එන හැම විට

පාර මාරුවී හරහට

නගිනවා පඩි බෝ සෙවනට...


පළමුව ගෙවා බිල රැගෙන

යනවා බීර හිරකර ගෙන ඇති තැනට

දීලා තුන්ඩුව මැද්දෙන් යකඩ කට

ගන්නෙමි බීර වීදුරුවක් කූල් පිට...


මලානික වූ එලිය මැද

ඇසෙනවා නොයෙකුත් කතා තැන තැන

ඒවත් හිමීට අසාගෙන

සිගැරට් ගසනවා මම උගුරට දෙකට...


යෑමට වේලාව පැමිනි විට

නැගිටිනවා මා පුටුව ඇදකොට

පොම්පය නිදහස් කරගැනීමට

යනවා සිනාසී බොබ් මාලීට...


හැරිලා කූඩුවෙන් දකුණට

බහිනවා ගනිමින් පඩි ටික

යන්නම වෙන නිසා ගෙදරට

එල්ලෙනවා බසයේ නවයයි තිහ...


ඒ. ඩී හෙට්


Digital art collaboration Chathuranga Gamage. (Bo Sewana 2021)


Comments


Post: Blog2_Post
bottom of page