top of page

T H O U G H T S.

Writer: Arosha Hettiarachchi
Arosha Hettiarachchi
Aug 5, 2022
1 min read

තැනකට නොවැටෙන

වටේම දිවයන

උඩ යට විසිවෙන

මගෙ සංකල්පන...


හඬමින් දොඩමින්

රිදි රිදි තැවෙමින්

හිනැහී පිපිරෙන

මගෙ සංකල්පන...


පොඩි පට්ටම් වී

නැත්තට නැතිවී

නැවතත් දලුලයි

මගෙ සංකල්පන...


ඒ. ඩී හෙට්



Comments


Post: Blog2_Post
bottom of page